හැමදේකින්ම ෆේල් වෙලා කැපවීමෙන් උඩට ආපු මිනිසා(Jack Ma ගේ ජීවිත කතාව, යම් කිසි දේකට උනන්දුවක් තියෙන ගොඩක් අයට මේක වැදගත් වේවි)

ජැක්මා තමයි මේ වන විට ආසියාව පොහොසත්ම මිනිසා විදියට නම දිනාගෙන තියෙන්නේ.ඔහුගේ සාර්ථකත්වය පට්ට උනාට එතනට ඒමට ඒ වගේ කට්ටක් ඔහු විදවා ඇත.මොනා උනත් අපිට යම් කිසි දේකට ආශාවක් තියෙනවනම් ඒක ලබාගන්න අපි ඕනම දෙයක් කරන්න ලෑස්ති කියලා මේක කියවන ඔයා සහ මම දෙන්නම දන්නවා.

ජැක්මා උපත ලබන්නේ 1964....පවුලේ විස්තර අපි අදාල නැනේ.අපි ඔහුගේ සාර්ථකත්වය ගැන කතා කරමු.ඔහු 30ස් වථාවක් ජොබ් වලින් රිජෙක්ට් වෙලා තියෙනවා ඒවයින් දෙකක් කියන්නම්:- ⁣අපි හැමෝම දන්න පොකේ පිලිගත්ත කේ.ෆ්.සී එකේ ජොබ් එහෙකට ඔහු ඇප්ලයි කල අවස්ථාවේ 24 දෙනෙක් සහභා⁣ගි වෙලා තියෙනවා ජැක්මා ඇතුලුව, 23දෙනෙක් ජොබ් එකට භාරගෙන ජැක්මා තමයි රිජෙක්ට් උන එකම කෙනා ඊලගට ඔහු පොලීසියේ ජොබ් එහෙකට ඇප්ලයි කර තිබෙද්දි 5ස් දෙනෙක් සහභා⁣ගි වි 4දෙනෙක් ජොබ් එක ලබාගත්තත් ජැක්මා එයින් රිජෙක්ට් වි තිබෙනවා. මේ වගේ තව බොහො අවස්ථා වලට ඔහුට සිදුවි ඇත.මේ වගේ දෙයක් අපිට උනානම් අපි හැමදේම දමා ගහලා හිස හැරුනු අතේ යනවා.නැ ඒත් මේක කියවන ඔයා එහෙම නැ.මොකද ඔයාටත් යම් කිසි තැනකට එන්න උවමනාවක් තියෙන නිසා තමයි මේක කියවන්නේ.ඔහුගේ මුල් කාලයේදි ඔහු ඉන්ටර්නෙට් එක ගැන කිසිම දෙයක් දැනගෙන ඉදලා නැ, ඔහුට ඔහුගේ යාලුවාගේ මාර්ගයෙන් තමයි මේ පැත්ත දැනගන්නේ.පලවෙනි පාරට ඉන්ටර්නෙට් එකේ මොකක් හරි සර්ච් කරන්න කිව්වාම ජැක් සර්ච් කරේ 'බියර්' කියන වචනය, මොකද එක ඉංග්‍රීසියෙන් උවද ටයිප් කිරිමට ලේසි නිසා.ඔහු ඉන්ටර්නෙට් එකේ චයිනා වලට අදාල දෙයක් සොයද්දි ඔහුට චීනෙට අදාල කිසිම දෙයක් හම්බුන්නැ. ඒකනිසා ඔවුන් දෙදෙනා එකතු වෙලා පලවෙනි පාරට පොඩි වෙබ් පේජ් එකක් පටන්ගන්නවා....ඒක හදපු එක පට්ට ගැතයි කියලා ඔහුම කියනවා, 9:40ට ලොන්ච් කරපු ඒ සයිට් එකෙන් 12:30 ට ඔහුගේ යාලුවා ඔහුට කතාකරලා කියනවා 'ජැක් ඔයාට ඉමේල් පහක් ඇවිල්ලා තියෙනවා' කියලා ජැක් අහනවා 'ඉමේල් කියන්නේ මොකක්ද කියලා' ඒ වන විට ඔහු ඒ ගැනවත් නොදැන සිටියාය.කොහොමහරි කට්ට කාලා අලිබාබා ඊ-මාර්කටින් ⁣අමුනා ගත්තයින් පසු මිනිසුන් 'එ ලෝගො එක කැතයි, මේකෙන් සල්ලිවත් හොයන්නේ නැ' අරක මේක කියලා තියෙනවා....එත් අපේ ජැක්මා කොල්ලා ඒවා ගනන් ගෙනවත් නැ.

මේකට අලිබාබා කියලා නම හැදුනේ කොහොමද?
ඔහු මේකට නමක් සොයන විට දවසක් ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ හිදි දවල් කෑම ගන්න විට එතනට ආපු සේවිකාවගෙන් අහලා තියෙනවා මෙහෙම
ජැක්:- 'ඔයා අලිබාබා දන්නවද?'
සේවි.:- 'අපොයි ඔව්'
ජැක්:- 'මොකක්ද අලිබාබා කියන්නේ'
සේවි.:- 'ඒක ⁣ඒ කාලේ පැවැතුන කතාවක මැජික් වචනයක්'
ජැක්ට හිතුනා මේක තමයි කියාපු නම කියලා,ඔහු පාරේ සිටින මිනිස්සු 10ක් 20ක්ගෙනුත් එය එසේම ඇහුවාම එම උත්තරේම ලැබිලා තියෙනවා. ඉතින් ඔහු මේ නම තෝරගෙන තියෙනවා අනික ඉංග්‍රීසි ඇල්ෆබට් එකෙත් මුලින්ම තියෙන්නේ 'A' අකුරනේ

පලවෙනි අවුරුදු තුනේදි මේක ලොකු තීරනාත්මක දෙයක් වෙලා තියෙනවා මොකද ඒ දවස්වල මේක තොරතුරු ලබාගන්න හදපු ඊ-මාර්කට්⁣ප්ලේස් එකක් විතරයිනේ.මේක පටන් ගන්න කලින් ප්‍රශ්නයක් වුල ලොකු දෙයක් තමයි පේමන්ට් සිස්ටම් එක, මොකද ඒ දවස්වල චීනේ ඔන්ලයින් පේමන්ට් තිවිලා නැනේ, ඉතින් ඔහු මේ ගැන බැංකු එක්කත් කතා කරලා තියෙනවා ඒත් බැංකු ඔහු සමඟ එකතු වෙලා නැ, සැවෝම ඒ කාලේ හිතලා තියෙන්නේ ජැක් කියන්නේ පිස්සු මනුස්සයෙක් කියලා.

නමුත් දැන් ඔහු සමඟ මිලියන 800ක මිනිසුන් ප්‍රමානයක් එකතුවෙලා ඉන්නවා.අවුරුදු ගානක් කට්ට කාලා පලවෙනි අවුරුදු තුනේ කිසිම මුදගක් උපයන්නැතුව දැන් ඉන්න තැන කොහොමද.

'ඔබ ඒ දේ කරන්නැත්නම් කිසිම දෙයක් කරන්න බැ, නමුත් ඔබ ඒ දේ කිරීමට උත්සාහ කරනවනම් අපිට අඩුගානේ බලාපොරොත්තුවක් හරි තියෙනවා'
   ෴ජැක් මා෴

මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න

No comments

Powered by Blogger.